වැඩබිමේ ආරක්ෂක පැළඳුම් ගැන දැනගනිමු - Introduction to the Safety Items

Posted on November 27, 2021 · 10 mins read · Sinhala & English · Nuwan Jaliyagoda

මේ ලිපියෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ Workshop එකක වැඩ කරද්දී පාවිච්චි කරන්න පුළුවන් / පාවිච්චි කරන්න ඕන Safety Items කිහිපයක් ගැනයි.

කණගාටුවෙන් වුණත් කියන්න ඕනම කරන දෙයක් තියෙනවා. ඇත්තටම ලංකාවේ Safety එකට දෙන අවධානය නම් ගොඩක්ම අඩුයි.

Safety items එක්ක වැඩ කරන එක ටිකක් අමාරුයි තමා ඒත් අමාරුවෙන් හරි පාවිච්චි කරන තරමට ආරක්ෂාවට හොදයි.

මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ යන්ත්‍ර සූත්‍ර ව⁣ගේ දේවල් එක්ක වැඩ කරද්දී වැදගත් වෙන safe items / ආරක්ෂක ඇඳුම් පැළඳුම් ගැන කෙටියෙන් හඳුන්වාදෙන එක.

The main purpose of this article is to introduce you to the safety items that can be / should be used in a workshop.

Unfortunately, it is very rare to see the proper use of safety items in Sri Lanka. Yes, it is a little difficult to use the safety items while working in workshops, but it helps to protect from injuries.

I hope to introduce you to a few safety items you can use while working with power tools, and instruments.

Gloves

Knitted & PVC Dots Gloves

අමුද්‍රව්‍ය ප්‍රවාහනය, හුවමාරු කිරීම වගේ වැඩ වලටත්, සුළු අළුත්වැඩියා කටයුතු වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ඩොට් වගේ තියෙන කොටස් විශේෂ රබර් වර්ගයකිනුත්, ඉතිරිය කොට්න් රෙදිවලිනුත් තමයි හදලා තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ grip එකක් තියෙනවා.

PVC dot gloves are used while tiny repairs, cargo handling, recycle works, etc… The dots are made using a special rubber material while the remaining are made with Cotton. These gloves have an average level grip.

Knitted & PVC Dots Gloves

Nitrile Gloves

තෙල් වර්ග ගෑවිලා තියෙන මතුපිටවල් එක්ක වැඩ කරන්න, ඒ වගේම රසායනික දියර එක්ක වැඩ කරද්දී මේ වගේ Gloves පාවිච්චි කරන එක ගොඩක්ම හොදයි. මේකේ තියෙන විශේෂ රබර් මතුපිට හින්දා අල්ලන දේවල් තෙල් හින්දා ලිස්සලා යන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි.

Those gloves are used for tasks involved with hazardous and corrosive chemicals. The special rubber surface has a good grip, especially works with items with oils and lubricants.

Nitrile Gloves

Latex Gloves

සාමාන්‍යයෙන් බර උපකරණ, භාණ්ඩ එක්ක වැඩ කරන වෙලාවට වගේම තරමක් කැපෙන සුළු දේවල් එක්ක වැඩ කරද්දී මේ අත්වැසුම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේකේ තියෙන රළු රබර් මතුපිට නිසා අල්ලන දේවල් හොදින් රඳවගන්න පුළුවන්. හොද grip එකක් තියෙනවා.

Latex gloves can be used while working with heavy cargo handling, working with slightly sharp objects, etc… The surface of the palm is made with a special rubber compound, which has a good grip.

Latex Gloves

Cut Resistant Gloves

වීදුරු වගේ කැපෙනසුළු දේවල් එක්ක වැඩ කරනවා නම් මේ අත්වැසුම් වර්ගය පාවිච්චි කරන එක හොදයි. මේවා හදලා තියෙන විශේෂ රෙදි වර්ගය හින්දා පිහි, බ්ලේඩ් තල, වීදුරු වගේ තියුණු දාර තියෙන දේවල් වලින් අත කැපිලා තුවාල වෙන එක වලක්වාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකෙන් 100%ක ආරක්ෂාවක් දෙන්නේ නෑ. වෙන්න පුළුවන් අනතුරු ගොඩක් දුරට වලක්වගන්න උදව් වෙනවා.

මේ වීඩියෝ එකෙන් ඒ ගැන වැඩි විස්තර බලාගන්නත් පුළුවන් වෙයි:

Cut Resistant gloves can be used when working with sharp objects like glasses, metal sheets. Because of the special fabric that the gloves were made, it helps to reduce the possibility of getting cut injuries. But please note that the gloves can’t eliminator the risk by 100%.

You can see more about the use of this gloves from the below video:

Cut Resistant Gloves

Mechanic Gloves

මේ අත්වැසුම් නම් විශේෂයෙන්ම සැලසුම් කරලා හදලා තියෙන්නේ Power Tools (බල මෙවලම්) එක්ක වැඩ කරන එක පහසු වෙන විදිහටයි. Grip එක ඕන වෙන තැන් වලට ඒ විදිහටත්, නම්‍යශීලී වෙන්න ඕන තැන්වලට ඒ විදිහටත් මේ අත්වැසුම් නිර්මාණය කරලා තියෙනවා. මේ වීඩියෝ එක බැලුවොත් මේවා ගැන හොද අදහසක් ගන්න පුළුවන් වෙයි.

This type of gloves was specially designed to work with power tools. For the places that need a grip, rubber pads were provided and the places that need better flexibility were designed to be flexible. You can see this video to know how those gloves can be used with the power tools.

https://www.youtube.com/watch?v=_jVVSSDr0Lc

Mechanic Gloves

Leather Gloves

Machine operators ලාට පාවිච්චි කරන්න තමයි මේක හදලා තියෙන්නේ. ලෙදර් මතුපිට නිසා පහසුවෙන් හානි වෙන්නේ නෑ. ගෙවතු වැඩ වලටත් හොදයි. නම්‍යශීලීතාව නම් ටිකක් විතර අඩුයි.

Mostly used by the machine operators. The leather surface helps to save the hands from cuts and burns. Sometimes the leather gloves are used in garden works too.

Leather Gloves

Welding Gloves

Welding වැඩ වලදි පාවිච්චි කරන්න තමයි හදලා තියෙන්නේ. ඉහල උෂ්ණත්වයකට වුණත් ඔරොත්තු දෙනවා. නම්‍යශීලීතාව නම් සෑහෙන්න අඩුයි. Arc Welding (විද්‍යුත් චාප පෑස්සීම) කරනවා නම් මේ අත්වැසුම් අනිවාර්යයෙන් ම පාවිච්චි කරන්න. මේවාගෙන් තාපයෙන් අත් දෙක ආරක්ෂා කරලා දෙනවා වගේම Arc එකෙන් පිටවෙන UV වගේ සමට අහිතකර විකිරණ වලිනුත් අත් දෙක ආරක්ෂා කරලා දෙනවා.

It is designed to be used in welding work. Resistant to high temperatures. Flexibility is quite low. Be sure to use these gloves when doing Arc Welding. These protect the hands from the heat as well as the UV radiation emitted by the Arc.

Welding Gloves

Head and Face

Safety Helmet

Safety Helmet

Auto Darkening Welding Helmet

මේ හෙල්මට් එක ටිකක් මිලෙන් අධිකයි. ඒත් මේකෙන් ලැබෙන ආරක්ෂාවයි පහසුවයි එක්ක බැලුවාම නම් පාඩුවක් වෙන්නේ නෑ.

Auto Darkening Glass කියලා කියන්නේ සාමාන්‍ය වෙලාවට කණ්නාඩියකින් වගේ විනිවිද පේන, වෙල්ඩින් කරන වෙලාවට අදුරු වෙන විශේෂ කණ්නාඩි වර්ගයක්. Arc Welding කරද්දී මේ පහසුකම ගොඩක් ම වැඩ ලේසි කරනවා. ඒ වගේම ඇස්වලටත් හොද ආරක්ෂාවක් ලැබෙනවා. (ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් Shade අංකය තමන්ගේ වැඩ වලට ගැලපෙන අංකයක් ද කියලා බලන්න. නැත්තන් Variable Shade තියෙන එකක් බලන්න)

This helmet is a little expensive. But with the safety and convenience that comes with this, there is no loss.

Auto Darkening Glass is a special type of glass that is transparent like a usual glass, but when there is a high-intensity light source, it will get a darker shade. This feature makes arc welding a lot easier. It also gives good protection to the eyes. (If you are hoping to get one, please check the shade number matches with your work range. Or look for one with a Variable Shade option)

Auto Darkening Welding Helmet

Welding Goggles

මේකත් Welding Helmet එක ⁣වගේමයි, හැබැයි ආවරණය වෙන්නේ ඇස් දෙක විතරයි. Shade Glass එක ගොඩක් වෙලාවට ස්ථිර එකක්. Welding කරන්නේ නැති වෙලාවට Shade Glass එක උස්සලා බලන්න පුළුවන්. මේක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් ම මුහුණේ ඉතිරි කොටස් වලට මතක් කරලා වෙන වෙනම Safety Equipment පාවිච්චි කරන්න. උදා: Mask, Earmuff

This is similar to a welding helmet but only covers the eyes. Glass is often permanent shade glass. You can move up the Shade Glass when you are not welding. If using this, be sure to remind to wear the protection for the rest of the face. Ex: Mask, Earmuff

Welding Goggles

Face Shield

මේ face shield එක සාමාන්‍යයෙන් ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් face shields වල මේ ඉස්සරහින් තියෙන ආවරණය උස්සන්න පාත් කරන්න පුළුවන්. Spray Gun එකකින් තීන්ත ගාද්දි, ග්‍රයින්ඩර් එකකින් ලී කපද්දී හෝ වැලි කඩදාසි අල්ලද්දී කුඩා අංශු වලින් මූණ පරිස්සම් කරගන්න මේ face shield එක පාවිච්චි කරන්න පුළුවන්.

This face shield can be used for many things in general. In many face shields, this front cover can be lifted and lowered. This face shield can be used to protect the face from small particles when applying paint with a spray gun, cutting wood with a grinding and sanding.

Face Shield

Safety Goggles

ඇස් දෙකේ ආරක්ෂාවට තමයි මේවා පාවිච්චි කරන්නේ. වැඩිය විස්තර කරන්න නම් දෙයක් නෑ. ඇස් දෙකේ ආරක්ෂාව ගැන හිතලා පුළුවන් හැම වෙලාවටම මේවා පාවිච්චි කරන්න. කණ්ණාඩිය වගේ එකට වඩා වටේටත් ආවරණය වෙලා තියෙන goggle එක (දෙවෙනි පිංතූරය) වඩාත් ආරක්ෂිතයි.

These are used to protect the eyes. Nothing more to describe. Use these whenever possible. A goggle in the below image is much safer than the other.

Safety Goggles

Dust Mask (non-medical)

ලී කපන ඉරන තැන්වලදී, තීන්ත ස්ප්‍රේ කරන වෙලාවට අනිවාර්යයෙන් අංශු වලින් ස්වසන පද්ධතිය ආරක්ෂා කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් කල් එකම මාස්ක් එක පාවිච්චි කරන්න නම් අමාරුයි. Filter එකක් එක්ක / Filter එකක් නැති කියලා දෙවිදිහකින් ගන්න තියෙනවා.

This is very useful to protect the respiratory system when working in environments with very tiny particles. It is difficult to use the same mask for a long time. There are two ways to get a filter with/without a filter.

Dust Mask

Respirator Mask

කලින් විස්තර කරපු Dust Mask එකට වඩා ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම ඇතුලේ තියෙන filter cartridge එක විතරක් මාරු කරලා ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලා දාගෙන ඉන්නත් පහසුයි. සල්ෆර් ඩයොක්සයිඩ් වගේ සායනික දුම් වලිනුත් ආරක්ෂාවක් ලබාදෙනවා.

Much safer than the dust mask described earlier. Also, the filter cartridge inside can be replaced and used for a long time. It is also easy to wear for a long time. It also provides protection against chemical fumes such as sulfur dioxide.

Respirator Mask

Earmuff

අධික ඝෝෂාවක් එන මැෂින් එක්ක වැඩ කරද්දී නම් මේක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. මේ කන් ආවරණය මගින් ඝෝෂාකාරී ශබ්ද වලින් වැඩි ප්‍රමාණයක් පෙරා ඉවත් කරන හින්දා දිගු කාලයක් වැඩ කරද්දී කන් වලට දැනෙන අපහසුතාව අඩුයි. ගන්නවා නම් හොද තත්වයේ එකක් ම ගන්න බලන්න.

This is especially useful when working with machines which generates a loud noise. This earmuff reduces most of the noise, so there is less discomfort to the ears when working for long periods of time. If you buy one, try to buy one in good condition.

Earmuff

Ear Plug

කලින් විස්තර කරපු Earmuff එකේ කාර්යයම මේ කන් ඇබ වලිනුත් කරගන්න පුළුවන්. Earmuff එක තරම්ම හොදයි කියන්න නම් අමාරුයි.

The earmuffs can do the same job as described earlier. However, it is hard to say this is good as the earmuff.

Ear Plug

Safety Boots

කකුල් දෙකේ ආරක්ෂාවට තමයි පාවිච්චි කරන්නේ.

වෑල්ඩින් වැඩ කරද්දී එහෙම පාවිච්චි කරන්න ලෙදර් වලින් හදපු Safety Boots වෙනම ගන්න තියෙනවා. මේවා පාවිච්චි කරන තරමට රත් වෙච්ච යකඩ කෑලි, ලෝබොර වලින් කකුල ආරක්ෂා කරගන්න පුළුවන්.

ගෙවතු වැඩ වලට සහ ඉදිකිරීම් වැඩ වලදි පාවිච්චි කරන්න පුළුවන් Safety Boots වෙනම ගන්න තියෙනවා.

Used to protect both legs. Safety boots made of leather are available for use when welding. There are some types of Safety Boats are available for use in gardening and construction.

Safety Boots

Safety Apron

වෑල්ඩින් වැඩ කරද්දී පාවිච්චි කරන්න පුළුවන් විශේෂ එප්‍රන් එකක් තියෙනවා. Arc Welding කරද්දී විසිවෙන ලෝබොර වලින් ආරක්ෂා වෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් ම හොදයි.

This is a special apron that can be used when welding.

Safety Apron


මේ ලිපියෙදි කථා කලේ යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරද්දී ආරක්ෂාව වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අයිතම අතරින් තෝරගත්ත අයිතම කිහිපයක් ගැනයි. මේවාගෙන් වැඩි ප්‍රමාණයක් ලංකාවේන් සාධාරණ මුදලකට මිලදීගන්න පුළුවන්. ලිපියෙන් හැමෝටම ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.

This article, it was explained some of the items that can be used for security when working with machinery. Most of these can be purchased in Sri Lanka for a reasonable price. Hope this article will help you to be safer in the work environment. Thank you.