ටාර්සන් නවකථා එකතුව - Tarzan Book Collection

Posted on September 22, 2021 · 36 mins read · Sinhala · Nuwan Jaliyagoda

එඩ්ගර් රයිස් බරෝස් විසින් නිර්මාණය කරපු ටාර්සන් කියන චරිතය ගැන අහපු නැති කෙනෙක් හොයාගන්න සෑහෙන අමාරුයි. ටාර්සන් චරිතයේ වීක්‍රමාන්විත ගවේශන ගැන අපිට පොත් වලින් වගේම චිත්‍රපට, ටෙලිනාට්‍ය, වීඩියෝ ක්‍රීඩා,වේදිකා නාට්‍යය, චිත්‍ර කථා වගේ මාධ්‍ය ගණනාවකින් ම රස විදින්න පුළුවන්.

මේ අතරින් ප්‍රමුඛතාවක් ගන්න එඩ්ගර් රයිස් බරොස්ගේ අතින් ලියවුණු පොත් පෙල දැනට ලෝකය පුරා භාෂා 60 කට වඩා වැඩි ගණනකින්, පිටපත් මිලියන 25කටත් වැඩි ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙන බවයි අන්තර්ජාලයේ සදහන් වෙන්නේ. [1]

එඩ්ගර් රයිස් බරොස්ගේ අතින් ලියවුණු පොත් 24 ක් තියෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් දැනටමත් සිංහල භාෂාවට පරිවර්තන කරලා තියෙනවා. මේ අතරින් පලමු පොත් කිහිපය සිංහලට පරිවර්තන කරලා තියෙන්නේ පරිවර්තන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන ආචාර්ය කේ.ජී. කරුණාතිලක මහතා විසිනුයි. ඊට අමතරව අනෙක් කෘතීන් ප්‍රභාත් මිරිහාගල්ල, ඩීමන් ආනන්ද, පී. බී. සේනානායක, ... යන මහත්වරුන් විසින් පරිවර්තන කරනු ලැබ තියෙනවා.

මේ පොත් වලින් කිහිපයක් සදහා කීපදෙනෙක් විසින් කරපු වෙනස් නම් වලින් පල වෙච්ච පොත් තියෙනවා. ඒ වගේම පොත් පෙල කියවන්න පටන්ගන්න කෙනෙක්ට, මේ පොත් මාලාව කියවන්න ඕන පිලිවෙල ගැන ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒකට විසදුමක් විදිහට තමයි මේ ලිපිය මගින් දැනට පලවෙලා තියෙන සියළුම කෘති, කියවන්න ඕන නිවැරැදි පිලිවෙලට පෙලගස්වලා තියෙන්නේ.

පොත් ටික අඳුන ගන්න පහසු වෙන්න, හැම පොතකම පසු පිටුවේ සදහන් වෙන හැදින්වීමත් මේ ලිපියට එකතු කලා.

1. වානරයන්ගේ ටාර්සන්

  • Tarzan of the Apes (1912)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 319 යි (තෙවන මුද්‍රණය 1997)
Tarzan of the Apes (1912)

ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය නව කථා වලින් එකක් වන වානරයන්ගේ ටාර්සන් ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි.නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නව කථාව, මෙවැනිම ත්‍රාස ජනක වන කථා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකටම වස්තු බීජය සපයා ඇති 'වානරයන්ගේ ටාර්සන්' ලොමු දැහැගන්නා සිද්ධීන්ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක කථාවකි.

වානරයන්ගේ ටාර්සන් අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිළිඳකු, කාලා නැමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බියකරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කථාන්දරයයි.

2. ටාර්සන් ආපසු එයි

  • The Return of Tarzan (1913)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 292 යි (දෙවන මුද්‍රණය)
The Return of Tarzan (1913)

මහා නගරවල ජීවිතයෙන් ඉක්මනින් කලකිරෙන ටාර්සන්, අපූර්වාකාරයකින් යලිත් මහ වනයට ම ඇදී යයි. එහිදී දරුණු මිලෙච්ඡයන් සමඟ ද, ඇත් දළ වෙළඳමේ යෙදෙන ක්‍රෑර වෙළෙඳුන් සමඟ ද ගැටෙන ටාර්සන්, සුපුරුදු බිහිසුණු වන ජීවිතයේ දී ත්‍රාස ජනක වූ ද, ප්‍රචණ්ඩ වූ ද අත් දැකීම් වලට මුහුණ දෙයි. එහි දී අප්‍රිකානු ඝන වන මධ්‍යයේ වැළලී ගිය ඉපැරණි රාජධානියකට අනපේක්ෂිත ව පා තබන ටාර්සන්, මහා ධන නිධානයක් සොයා ගනී. එ පමණක් නො ව, ටාර්සන් තමා පෙම් කල පෙම්වතිය ද එහි දී හමු වෙයි.

3. ටාර්සන්ගේ වන සිව්පාවෝ

  • The Beasts of Tarzan (1914)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 266 යි (දෙවන මුද්‍රණය)
The Beasts of Tarzan (1914)

තමා ප්‍රිය කරන වනගත නිවසින් ඈත්ව ශිෂ්ටාචාරයේ අවුල් වියවුල්වලට මැදි වී සිටින ප්‍රබල ප්‍රචණ්ඩ ටාර්සන්ට, මහා බිහිසුණු භයංකර ප්‍රවෘත්තියක් සැල වෙයි. එ නම් සුදු මිනිසුන් ගෙන් සැදි හොර කණ්ඩායමක් විසින් තමාගේ සුරතල් පුත්‍රයා ද ප්‍රිය බිරිඳ ද පැහැරගෙන යනු ලැබ ඇති බවයි.

කෝපාවිශ්ට ටාර්සන් ඔවුන් ගලවා ගැනීමට වහා ක්‍රියාත්මක වෙයි. මෙහිදී භයංකර වන සිව්පාවුන්ගේ ආධාර ලබන ටාර්සන් වනය කම්පා කරමින් ප්‍රකම්පා කරමින්…. ඉතාම බිහිසුණු ත්‍රාස ජනක සිද්ධි මාලාවකට මුහුණ දෙයි.

4. ටාර්සන්ගේ පුත්‍රයා

  • The Son of Tarzan (1915-1916)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 385යි (පලමු මුද්‍රණය)
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • ටාර්සන්ගේ වීර පුතා - නිව්ටන් ගුණසේකර, දයාවංශ ජයකොඩි සහ සමාගම
The Son of Tarzan (1915-1916)

ත්‍රාසජනක ක්‍රියාවන්ට ඇති ඉමහත් ආශාවත්, මහ වනයේ නිදහසට ඇති ලැදිකමත් නිසා, ටාර්සන්ගේ පුත්‍ර කොරැක් හෙවත් "මරුවා" ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහ වනයට පලා යයි. එහි දී ප්‍රබලම වානරයා වන අකුට් ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක් සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි. මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්, ඇය රැගෙන සිය වන ගත නිවසට යයි.

5. ටාර්සන් සහ ඔපාරයේ මැණික්

  • Tarzan and the Jewels of Opar (1916)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 301 යි (පලමු මුද්‍රණය)
Tarzan and the Jewels of Opar (1916)

ආදි කල්පිත මහා වනාන්තරයේ වැළලී පැවති ඉපැරණි නගරයක් වන ඔපාරයේ දී, වානරයන්ගේ ටාර්සන්ට මහා ධන නිධානයක් හමුවෙයි. මෙය ගැනීමට යන මොහොතේ දී ම සිදුවන භයංකර භූමි කම්පාවක් හේතු කො⁣ටගෙන ටාර්සන්ගේ හිස බලවත් සේ තුවාල වෙයි. මේ තදබල පහරෙන් ටාර්සන් ට සිය අතීතය අමතක වෙයි. මේ අතරතුර දී බෙල්ජියානුවෙකු විසින් හා අරාබි වහල් වෙලෙන්දෙකු විසින් ⁣ටාර්සන්ගේ බිරිඳ වන ජේන් පැහැර ගෙන යනු ලබයි. ඔවුහු අනතුරුව ටාර්සන්ගේ වනගත නිවසට ගිනි තබා විනාශ කර දමති. එහෙත් කල් යාමේදී ප්‍රකෘති සිහියට පත්වන ටාර්සන් සිය මිතුරන් වන මහා වානරයක් කැටුව ගොස් සිය සතුරන්ගෙන් දරුණු අන්දමින් පළිගෙන සිය බිරිඳ ද බේරා ගනියි.

6. ටාර්සන්ගේ වනාන්තරයේ වික්‍රම

  • Jungle Tales of Tarzan (1916-1917)
  • අශෝක කෝට්ටෙගම
  • ප්‍රකාශනය: පහන් ප්‍රකාශන
  • පිටු 192 යි (පලමු මුද්‍රණය - 2022)
Jungle Tales of Tarzan (1916-1917)

එකිනෙක අතර වැඩි සම්බන්ධයක් නොමැති කෙටි ටාර්සන් කථා 12 ක එකතුවකි.

7. නොදැමුණු ටාසන්

  • Tarzan the Untamed (1919-1920)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 358 යි (දෙවැනි මුද්‍රණය)
Tarzan the Untamed (1919-1920)

මහ වනයේ වානර ගෝත්‍රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ්‍යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු, මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි - කෝප වූ විට, දයා විරහිත වන, ප්‍රබල, ශඨ කපට වන මෘගයෙකි.

තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක්‍රෝධයෙන් දිලිසෙමින්, සතුරන්ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරවා ලයි. හුදෙකලාව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප්‍රචණ්ඩ සිංහයන් ද, භයංකර වානරයන් ද පිරිවරා ගත් කල, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බලවේගයක් වෙයි. වානර - මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අතිභයංකර ය; අතිභීෂණාත්මක ය.

8. බිහිසුණු ටාර්සන්

  • Tarzan the Terrible (1921)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 333 යි (ප්‍රථම මුද්‍රණය)
Tarzan the Terrible (1921)

මිය ගිය ජර්මානු නිලධාරියෙකුගේ දින පොතක වූ සටහනක් අනුව ටාර්සන් යලිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙසේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දේශයකට පැමිණෙයි. ප්‍රග්-ඓතිහාසික වන මෘගයන්ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන්ගෙන්ද පිරී ඇති මේ දේශයේදී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ ව ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.

නොදැමුණු ටාර්සන් නව කතාවේ දී විස්තර වන ටාර්සන් ගේ බිරිදගේ මරණය ජර්මානුවන් විසින් කරන ලද රැවටීමක් බව මිය ගිය ජර්මානු නිලධාරියෙකු ගේ දින පොතින් අනාවරණය කරගන්නා ටාර්සන් සිය බිරිද සොයා මහා වන ගහනය තුලට නැවත ගමන් කරනු ලබයි.පැල්-උල් -දොන් නම් ප්‍රාග් ඓයිතිහාසික යුගයට අයිති දේශයට ගමන් කරනු ලබන ටාර්සන් අන්තරායන් ට මුහුණ දෙමින් සිය ආදරණීය බිරිද සොයා ගෙන ආපසු පැමිනීම මෙයින් විස්තර වේ.

9. ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා

  • Tarzan and the Golden Lion (1922-1923)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 355 යි (ප්‍රථම මුද්‍රණය)
Tarzan and the Golden Lion (1922-1923)

පැල්-උල්-දොන් දේශයේ සිට සිය බිරිද වන ජේන් ද සොයා ⁣ගෙන ආපසු එන ප්‍රබල ටාර්සන්ට මහ වනයේ දී අනාථ වූ සිංහ පැටවෙක් හමු⁣ වෙයි. ටාර්සන් මේ සිංහ පැටවා හීලෑ කර හදා වඩා ගනියි. අත්ලන්තිසයන් ගේ නිධාන සොර කම් කර ගැනීමට කුමන්ත්‍රණය කරන සොර මුළකට ටාර්සන් මරා දැමීමට වුව මනා වෙයි. ඔවුහු රූපයෙන් ටාර්සන්⁣ට අතිශයෙන් සමාන ව්‍යාජ ටාර්සන් කෙනෙක් තනති. ඔහු සැබෑ ටාර්සන්⁣ට කෙ තරම් සමාන ද යත්, ටාර්සන්ගේ බිරිඳ වන ජේන් ක්ලෙටන් පවා ඔහුට රැවටෙයි.

10. ටාර්සන් සහ කුහුඹු මිනිස්සු

  • Tarzan and the Ant Men (1924)
  • ආචාර්ය කේ.ජී. කරුණාතිලකගේ සම්පූර්ණ අසංශිප්ත පරිවර්තනය
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
  • පිටු 340 යි (ප්‍රථම මුද්‍රණය)
Tarzan and the Ant Men (1924)

සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන්ගේ ටාර්සන් මහා කටු වනාන්තර පිටු පසට ඇද වැටෙන තුරු කිසිවෙකුත් එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීව්ත වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකූවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන්ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන්ගේ උස අඟල් දහ අටක් වී ය. මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන්ගේ විද්‍යාත්මක ඥානයෙන් අඟල් දහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලෙකු වශයෙන් සේවයට ගනු ලැබීය.

සිය ගුවන් යානය අනතුරට ලක් වීමෙන් මහා අප්‍රිකානු වනයේ පිහිටි ශිලා යුගයට අයත් යෝද මිනිසුන් වාසය කරනු ලබන දේශයකට පිවිසෙන ටාර්සන් ධරුණු හා බිහිසුණු මේ යෝධයන් ගේ සිරකරුවෙකු බවට පත් වේ. ඉන් ගැලවී ගන්නා ඔහු අනතුරැන කුහුඹු මිනිසුන් ගේ සිරකරැවෙකු බවට පත් වේ. කුහුඹු මිනිසුන් සිය විද්‍යාත්මක දැණුමින් ටාර්සන් ද සිය ප්‍ර‍මාණය ට ම කුඩා වූවෙකු බවට පත් කරනු ලබයි.මෙම සිදුවීම් වලින් දිවි ගලවාගෙන නැවත පැමිනෙන ටාර්සන් ගේ කතාව මෙම නව කතාවෙන් කියැ වේ.

11. වනාන්තරයට අධිපති ටාර්සන්

  • Tarzan Lord of the Jungle (1927 - 1928)
  • ඩීමන් ආනන්ද
  • ප්‍රකාශනය: ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශන
Tarzan Lord of the Jungle

12. ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය

  • Tarzan and the Lost Empire (1928 - 1929)
  • ප්‍ර‍භාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • ටාර්සන් සහ නැතිවුණු අධිරාජ්‍යය - ඩීමන් ආනන්ද
Tarzan and the Lost Empire

13. ටාසන් සහ අබිරහස් ලෝකය

  • Tarzan at the Earth's Core (1929 - 1930)
  • පී. බී. සේනානායක
  • ප්‍රකාශනය: තාරක ප්‍රකාශකයෝ
Tarzan at the Earth's Core

14. අපරාජිත ටාසන්

  • Tarzan the Invincible (1930 - 1931)
  • ප්‍ර‍භාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
Tarzan the Invincible

රුසියානුවෙකු ගේ මූලිකත්වයෙන් යුත් ආක්‍ර‍මණිකයන් පිරිසක් ටාර්සන්ගේ මහ වනය ආක්‍ර‍මණය කරනු ලබන අතර ඔවුන් මුළු අප්‍රිකානු දේශයද සියතට ගැනීමට සැලසුම් කරනු ලබයි.එහිදී සිය කුමන්ත්‍ර‍ණයේ කොටසන් ලෙස ඔපාරයේ නිධන කොල්ල කෑමට සැරසෙන ඔවුන් පිළිබදව ඔපාර රැජින වෙත අනතුරු ඇගවීමට යන ටාර්සන් ඔහුගෙන් පළි ගැනීමට බලා සිටින නව නායක පූජක වරිය විසින් අල්ලා සිර කරණු ලබන අතර ඉන් ගැලවී ආක්‍රමණයෙන් ද ගැලවී ගන්නා ආකාරය මෙහිදී විස්තර වේ. [2]

15. විජයග්‍රාහී ටාසන්

  • Tarzan Triumphant (1931 - 1932)
  • ප්‍රභාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
Tarzan Triumphant

ඔපාරයේ ධන නිධාන කොල්ලකා අප්‍රිකානු මහාද්වීපය යටත් කර ගැනීසේ ස්වකීය සැළසුම් ව්‍යර්ථ කර දැමීම සම්බන්ධයෙන් ටාර්සන් සමග වෛර බැද ගන්නා රුසියානු කුමන්ත්‍රනකරුවෝ ඔහු විනාශ කර දැමීමේ අරමුණෙන් මහ වනය ආක්‍රමණය කරති.මෙහි දී ඒ සතුරන් සමග පමණක් නොව අප්‍රිකානු මහ වනයේ ඈත අභ්‍යන්තරයේ ස්වකීය ධරුණු අධිපත්‍ය පතුරුවාගෙන සිටින භයානක වහල් වෙළෙන්දෙකු සමග ද ටාර්සන්ට ගැටෙන්නට සිදු වේ. එහෙත් ප්‍රභල ප්‍රචන්ඩ ටාර්සන් ඒ සියලු සතුරන් පරදවා සිය අනභිභවනීය බව නැවත වරක් තහවුරු කර ගැනීමට සමත් වේ. [2]

16. ටාර්සන් සහ ස්වර්ණ පුරය

  • Tarzan and the City of Gold (1932)
  • ටාර්සන් සහ ස්වර්ණ පුරය
  • ප්‍රභාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • ටාර්සන් සහ ස්වර්ණමය නගරය - මිථිල සුලක්ෂ ආනන්ද, පහන් ප්‍රකාශන
Tarzan and the City of Gold

මධ්‍යම අප්‍රිකාවේ කාෆා කඳුකරයේ ගවේශනයක යෙදෙන ටාර්සන්ට මෙතෙක් බාහිර ලෝකයෙන් සැඟවී තිබුණු ඉපැරණි නගරයක් සොයා ගැනීමට ලැබෙයි. රනින් පොහොසත් නිසා ම එම නගරය හැඳින්වෙනුයේ "ස්වර්ණ පුරය" යන නමිනි. මේ නගරයට ඇතුල්වන බාහිර මිනිසුන් මරා දැමීම එහි වැසියන්ගේ සිරිතයි. එහෙත් ස්වර්ණ පුරයේ රැජිණගේ ඒකපාර්ශ්වික ප්‍රේමය ටාර්සන්ට හිමිවීම නිසා ඔහු මරණයෙන් ගැලවෙයි. එවිට රැජිණගේ ඇමතියෝ රැජිණගේ සිත බිඳවා ටාර්සන් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරති. වහා වෙනස් වන සුලු දරුණු රැජිනගෙනුත් දුෂ්ට ඇමතියන්ගෙනුත් ගැළවී ටාර්සන්ට ස්වර්ණ පුරයෙන් පලා යාමට හැකි වනු ඇත් ද?

17. Tarzan and the Lion Man (1933 - 1934)

  • දන්නා තරමින් තවමත් සිංහලට පරිවර්තන වී නොමැත.

18. ටාර්සන් සහ දිවි මිනිස්සු

  • Tarzan and the Leopard Men (1932 - 1933)
  • ප්‍රභාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
Tarzan and the Leopard Men

දිවි මිනිසුන් නමින් හඳුන්වනු ලබන අබිරහස් වුත් දරුණු වූත් මිලෙච්ඡ ගෝත්‍රයක් විසින් ස්වකීය සාමකාමී රාජධානියේ භීතිය පතුරවා හරිනු ලබන බව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි.

කිසිවෙකු කිසිදා ඇසින් නොදුටුවා වූත් ස්වදේශික පුරාවෘතයන්හි පමණක් විස්තර වන්නා වූත් මේ දිවි මිනිසුන්ගේ අබිරහස් දේවාලයත්, ආරක්ෂක බලකොටුවත් සොයා ප්‍රබල ටාර්සන් මහ වනයේ ඈත අභ්‍යන්තරයට ගමන් කරයි.

එහෙත් අතරමඟදී නොසිතූ විරූ විපතකට මුහුණපාන ඔහුට, තමා කවරෙක්ද යන්නත්, තම අතීතයත් අමතක වෙයි. කෙසේ වුව ද, අවසානයේ පියවි සිහිය ලබන ප්‍රබල ටාර්සන්, මිත්‍ර ස්වදේශිකයන් ගේත් මහා වානරයන්ගේත් ආධාර ලැබ, රුදුරු දිවි මිනිස් ගෝත්‍රය වනසා දමා මහ වනයේ සාමය සුරක්ෂිත කරයි.

19. ටාර්සන්ගේ ගවේෂණය

  • Tarzan's Quest (1935 - 1936)
  • ටාර්සන්ගේ ගවේෂණය
  • ප්‍රභාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • ටාර්සන් සහ කාවුරු මිනිස්සු - ඩීමන් ආනන්ද, පහන් ප්‍රකාශකයෝ
Tarzan's Quest

මහා වනයේ ඈත අභ්‍යන්ත⁣රයේ වෙසෙන කාවුරු නැමැති අභිරහස් සුදු මිලේච්ඡ ගෝත්‍රයක් පිලිබද ව ටාර්සන්ට දැන ගැන්නට ලැබෙයි. ස්වදේශිකයන්ගේ පුරාවෘත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවෙකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැයි කිසිවෙක් නො දනිති.

මේ අබිරහස් ගෝත්‍රිකයන්ගේ රහසිගත ගම්මානය සොයා ගවේශණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහුගේ ප්‍රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බවයි. කිසිදු පිටස්තරයෙකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගළවා ගැනීමේ අභියෝගය වනයේ අධිපතියාට ජය ගත හැකි වේ ද?

20. ටාර්සන් සහ තහනම් නගරය

  • Tarzan and the Forbidden City (1938)
  • ප්‍ර‍භාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
Tarzan and the Forbidden City

අප්‍රිකානු මහ වනය මැද, අක්‍රීය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ්‍යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය "තහනම් නගරය" යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය.

සිය කල්‍යාණ මිත්‍රයා වන දාර්නෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ තහනම් නගරයට යෑමට සිදු වෙයි. එමි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ ඊට පෙර මුහුණ නොපෑ මහා අන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදවා සියළු අභියෝග ජයගන්නා ප්‍රබල, ප්‍රචණ්ඩ ටාර්සන්, "තහනම් නගරයේ" ඉතිහාසය සදහට ම වෙනස් කරයි.

21. අභීත ටාසන්

  • Tarzan the Magnificent (1936 - 1938)
  • පී. බී. සේනානායක
  • ප්‍රකාශනය: තාරක ප්‍රකාශකයෝ
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • විශිශ්ට ටාර්සන් - ඩීමන් ආනන්ද
Tarzan the Magnificent

22. ටාසන් සහ සතුරු සේනා

  • Tarzan and the Foreign Legion (1947)
  • ඩීමන් ආනන්ද
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • ටර්සන් සහ රෝම සොල්දාදුවෝ - නිශානි දිසානායක, පහන් ප්‍රකාශකයෝ
Tarzan and the Foreign Legion

23. ටාර්සන්ට හමුවූ උන්මත්තකයා

  • Tarzan and the Madman (1964)
  • ඩී. ඇම්. කරුණාරත්න
  • ප්‍රකාශනය: සඳිනි ප්‍රකාශකයෝ
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • ටාර්සන් සහ උමතු මිනිස - ඩීමන් ආනන්ද
Tarzan and the Madman

24. ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ

  • Tarzan and the Castaways (1965)
  • ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ
  • ප්‍රභාත් මිරිහාගල්ල
  • ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
වෙනත් නම් වලින් ඇති පරිවර්තන:
  • වීර වික්‍රමාන්විත ටාර්සන් - ඩීමන් ආනන්ද
Tarzan and the Castaways

දුෂ්ට අරාබි ශීක් කෙනෙකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන්ගේ ටාර්සන්, අප්‍රිකාවේ සිට ඇමරිකාව බලා යත්‍රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප්‍රචණ්ඩ කුණාටුවකට හසු වී දුම් නැව විපතට පත් වෙයි. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත්‍රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩබසියි.

උක්ස්මාල් නැමැති මේ දූපත පුරාණ ඇමෙරිකාවේ වාසය කල මායා ගෝත්‍රිකයන්ගේ අවසාන රාජධානියයි. මේ මායාවරු සිය ආදි පියවරුන්ගේ සිරිත් අනු ව මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක්‍රෑර පූජකයන් ට හසු වන ටාර්සන් ද, මිථ්‍යාමය දෙවියනු උදෙසා පූජා කැරෙන බිල්ලක් බවට පත්වෙයි.

එහෙත් ප්‍රබල ටාර්සන් ඒ මිත්‍යා දෘෂ්ටික පූජකයන් පරදවා තමාට හිමි වීමට නියමිත වූ භයංකර ඉරණමින් ගැළවෙන්නේ, අනෙකුත් ස්වදේශිකයන් ද මිත්‍යා දෙවිවරුන්ට බිලි වීමේ ක්‍රෑර ඉරණමින් ගලවාගනිමිනි.

අනෙකුත් ටාර්සන් නවකථා වල⁣ට වඩා තරමක් වෙනස් වූ ශෛලයකින් ලියැවී ඇති මේ වන කතාන්දරය, එඩ්ගර් රයිස් බරොස් අතින් ලියැවුණු අවසන් ටාර්සන් නව කතාව ද වෙයි.

ටාර්සන් නිවුන්නු

  • Tarzan and the Tarzan Twins (1927-1936)
  • අශෝක කෝට්ටෙගම
  • ප්‍රකාශනය: පහන් ප්‍රකාශන
  • පිටු 184 යි (ප්‍රථම මුද්‍රණය - 2022)
Tarzan and the Tarzan Twins

අප්‍රිකාවේ ඝන වනාන්නතරයක අතරමං වන ඩික් සහ ඩොක් නිවුන් මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් ය.

අප්‍රිකාවේ නිවාඩුවක් ගත කිරීමට යන ඔවුන් වනනේතරයේ අතරමං වෙයි.

මිනී මස් කන ගෝත්‍රිකයන්ගේ සිරකරුවක් බවට පත්වන ඔවුන්ට එහිදී බිහිසුණු සිදුවීම් රැසකට මුහුණදීමට සිදුවේ.

අවසානයේ ටාර්සන් තම පිරිස සමඟ පැමිණ මොවුන් නිරුපද්‍රිතව බේරාගනී.

සාරාංශය - Summary

ආචාර්ය කේ.ජී. කරුණාතිලක (9)
  • 1. වානරයන්ගේ ටාර්සන් - Tarzan of the Apes (1912)
  • 2. ටාර්සන් ආපසු එයි - The Return of Tarzan (1913)
  • 3. ටාර්සන්ගේ වන සිව්පාවෝ - The Beasts of Tarzan (1914)
  • 4. ටාර්සන්ගේ පුත්‍රයා - The Son of Tarzan (1915-1916)
  • 5. ටාර්සන් සහ ඔපාරයේ මැණික් - Tarzan and the Jewels of Opar (1916)
  • 7. නොදැමුණු ටාසන් - Tarzan the Untamed (1919-1920)
  • 8. බිහිසුණු ටාර්සන් - Tarzan the Terrible (1921)
  • 9. ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා - Tarzan and the Golden Lion (1922-1923)
  • 10. ටාර්සන් සහ කුහුඹු මිනිස්සු - Tarzan and the Ant Men (1924)
ප්‍ර‍භාත් මිරිහාගල්ල (8, දැනට)
  • 12. ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය - Tarzan and the Lost Empire (1928 - 1929)
  • 14. අපරාජිත ටාසන් - Tarzan the Invincible (1930 - 1931)
  • 15. විජයග්‍රාහී ටාසන් - Tarzan Triumphant (1931 - 1932)
  • 16. ටාර්සන් සහ ස්වර්ණ පුරය - Tarzan and the City of Gold (1932)
  • 18. ටාර්සන් සහ දිවි මිනිස්සු - Tarzan and the Leopard Men (1932 - 1933)
  • 19. ටාර්සන්ගේ ගවේෂණය - Tarzan's Quest (1935 - 1936)
  • 20. ටාර්සන් සහ තහනම් නගරය - Tarzan and the Forbidden City (1938)
  • 24. ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ - Tarzan and the Castaways (1965)
ඩීමන් ආනන්ද / මිථිල සුලක්ෂ ආනන්ද (9)
  • 11. වනාන්තරයට අධිපති ටාර්සන් - Tarzan Lord of the Jungle (1927 - 1928)
  • 12. ටාර්සන් සහ නැතිවුණු අධිරාජ්‍යය - Tarzan and the Lost Empire (1928)
  • 16. ටාර්සන් සහ ස්වර්ණමය නගරය - Tarzan and the City of Gold (1932)
  • 19. ටාර්සන් සහ කාවුරු මිනිස්සු - Tarzan's Quest (1935 - 1936)
  • 21. විශිශ්ට ටාර්සන් - Tarzan the Magnificent (1936)
  • 22. ටාසන් සහ සතුරු සේනා - Tarzan and the Foreign Legion (1947)
  • 23. ටාර්සන් සහ උමතු මිනිසා - Tarzan and the Madman (1940)
  • 24. වීර වික්‍රමාන්විත ටාර්සන් - Tarzan and the Castaways + Tarzan and the Jungle Murders + Tarzan and the Champion
  • Licensed Book [3]: ටාර්සන් සහ මහාර් රැජීන - The Epic Adventures of Tarzan (1996)
පී. බී. සේනානායක (2)
  • 12. ටාසන් සහ අබිරහස් ලෝකය - Tarzan at the Earth's Core (1929 - 1930)
  • 20. අභීත ටාසන් - Tarzan the Magnificent (1936 - 1938)
අශෝක කෝට්ටෙගම (2)
  • 6. ටාර්සන්ගේ වනාන්තරයේ වික්‍රම - Jungle Tales of Tarzan (1916-1917)
  • Related works [4]: ටාර්සන් නිවුන්නු - Tarzan and the Tarzan Twins (1927-1936)
ඩී. ඇම්. කරුණාරත්න (1)
  • 23. ටාර්සන්ට හමුවූ උන්මත්තකයා - Tarzan and the Madman (1964)
විජේරත්න දොලවත්ත (1)
  • 21. ගුප්ත ස්ත්‍රී පුරය - Tarzan the Magnificent (1936)
නිව්ටන් ගුණසේකර (1)
  • 4. ටාර්සන්ගේ වීර පුතා - The Son of Tarzan (1915)
නිශානි දිසානායක (1)
  • 22. ටාර්සන් සහ රෝම සොල්දාදුවෝ - Tarzan and the Foreign Legion (1947)
තවමත් සිංහලයට පරිවර්තන නොවුණු කෘති (1)
  • 17. Tarzan and the Lion Man (1933 - 1934)
ලැයිස්තුව සම්පූර්ණ කරන්න උදව් කරපු අසංක රණතුංග සොහොයුරාට සහ චාමිණී මිරණ්ඩු සොහොයුරියට ස්තූතිවන්ත වෙන්න ඕන.
අවසන් යාවත්කාලීන කිරීම - 2023-01-03
මෙහි ඇති සියළුම කෘති සහ කවර ඡායාරූප වල අයිතිය අදාල කතුවරුන්, සිතුවම් ශිල්පීන් සහ ප්‍රකාශන සමාගම් සතු වේ.