පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 75 වෙනි සංවත්සරය වෙනුවෙන් පවත්වන EngEx 2025 ඉංජිනේරු ප්‍රදර්ශනයේ අන්තිම දවස තමයි අද. අවුරුදු 15ක් පරණ මතකයක් අළුත් වුණ නිසා ඒ ගැන පොඩි සටහනක් තියන්න හිතුණා.
අවුරුදු 15 කට කලින් තිබුණ EngEx ප්‍රදර්ශනයට පාසල් සිසුවෙක් විදිහට සහභාගී වුණ එක වගේම දවස් කීපයකට කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම ආදි විද්‍යාර්ථියෙක් (Alumni) විදිහට මේ පාර ප්‍රදර්ශනය නරඹන්න ලැබුණ එකත් අමතක නොවෙන අත්දැකීම් දෙකක්.
පහල ෆොටෝ වලින් මුලින්ම තියෙන්නේ 2010 දි තිබුණ Exhibition එකේදී ගත්ත පොටෝ කීපයක්. අන්තර්ජාලය, සමාජ මාධ්‍යය වගේ දේවල් ලොකුවට තිබුණේ නැති කාලේ තාත්තාගේ Nokia 3110 Phone එක දවසකට ඉල්ලගෙන ගිහින් ගත්ත ෆොටෝස්. ඔක්කෝම වගේ machines, mechanics, article වගේ දේවල් වල. ඒ කාලේ විදිහට ගොඩක් වටින දේවල්. මතක විදිහට ඒ දවස්වල Selfi වගේ දේවල් ගැන අහලා වත් තිබුණේ නෑ.
කොහොමින් කොහොම හරි ඒ කාලේ "තාරකා විද්‍යාඥයෙක්" වෙනවායි කියලා හිතාන හිටපු මට, "ඉංජිනේරුවෙක්" වෙන්න ආසාවක් ආවේ EngEx 2010 exhibition එක හින්දා.
තව අවුරුදු 6 කට පස්සේ ඒ ආසාව සම්පූර්ණ කරගන්න ඉංජිනේරු ශිෂ්‍යයෙක් විදිහට පේරාදෙණියට යන්න අවස්ථාවක් ලැබුණා වගේම, තවත් අවුරුදු 4-5කට පස්සේ පරිගණක ඉංජිනේරුවෙක් විදිහට පළමු උපාධිය සම්පූර්ණ කරන්නත් අවස්ථාවක් ලැබුණා.
හැබැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ක තියෙන බැඳීම එතනින් ඉවර වුණේ නෑ. තව අවුරුද්දක් Temporary Instructor කෙනෙක් විදිහට Computer Engineering Department එකේ සේවය කරන්න අවස්ථාවක් ලැබුණා, වගේම ඒ කාලේ ඇතුලත මගේ Bucket List එකේ තිබුණ ඉලක්කයක් වුණ MakerSpace Lab එකක් සැලසුම් කරන්න වගේම හදන්නත් වාසනාවන්ත වුණා. ESCAL Makerspace (https://make.ce.pdn.ac.lk/) එක කියන්නේ මගේ one of the greatest design කියලා සතුටු වෙන්නත් පුළුවන්.
Software Engineer කෙනෙක් විදිහට වැඩ කරපු පහුගිය අවුරුදු 3 අතර වුණත් තාමත් වෙලාවක් ලැබෙන විදිහට පේරාදෙණියට යන්න වගේම, විවිධ PeraCom Projects වලට සම්බන්ධ වෙන්නෙත් පේරාදෙණිය කියන්නේ ජීවිතේ අමතක කරන්න බැරි විදිහේ අමුතුම බැඳීමක් නිසාද කියලා වෙලාවකට හිතෙනවා.
Undergraduate කෙනෙක් විදිහට ආරම්භ කරපු, සම්බන්ධ වුණ Pera-Swarm, PeraRide වගේ projects, හදපු machines, systems වගේ දේවල් තව වැඩිදියුණු කරලා Exhibits විදිහට තියෙනවා දැක්කාම දැනුණ සතුට වචනෙන් කියලා ඉවර කරන්න අමාරුයි.
ආරංචි වුණ විදිහට පළවෙනි දවස් 4 ඇතුලත 40,000 කට වඩා දෙනෙක් ප්‍රදර්ශනය නරඹන්න ඇවිත් තියෙනවා. ඒ හැමෝටම මේක හොද වටින අද්දැකීමක්, මතක සටහනක් වෙන්න ඇති. ඒ වගේම රටේ අනාගත ඉංජිනේරුවෝ වෙන්න ගොඩ දෙනෙක්ට මේක ලොකු inspiration එකක් වෙන්න ඇති කියලාත් හිතෙනවා.
EngEx 2025 සංවිධානය කරන්න මහන්සි වුණ Academic Staff එකේ හැමෝටමත්, හැම විදිහටම සහයෝගය දක්වපු Academic Support Staff එක ඇතුළු සියළු කාර්යමණ්ඩල වලටත් ගොඩක් ස්තූතිවන්න වෙනවා. ඒ වගේම සති ගාණක් නිදිමරාගෙන මහන්සි වෙලා, දවස් 5ක් පුරාවට දවසකට පැය 12ක් stalls වල ඉදලා එන හැමෝම එක්ක දැනුම බෙදාගත්ත Undergraduate/Postgraduate Students ලා හැමෝටමත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන.
පුළුවන් වුණොත් 2050දි ඉංජිනේරු පීඨයේ 100 වෙනි සංවත්සරය බලන්නත් අනිවාර්යයෙන් එනවා.