ESP32 Prototype Development Kit

Posted on January 22, 2021 · 1 mins read · English & Sinhala · Nuwan Jaliyagoda

කාලයක් තිස්සේ මගේ වැඩ ලැයිස්තුවේ තිබ්බ ESP32 Prototype Development Board එක හදලා ඉවර කරන්න පුළුවන් වුණා.

ESP32 කියන්නේ දැනට තියෙන Microcontrollers අතරින් ඉතා හොද පහසුකම් තියෙන Development Board එකක්. හැබැයි මේකේ තියෙන ප්‍රධාන අඩුපාඩු දෙකක් තමයි Development Board එක Breadboard එකට සම්බන්ධ කරන්න අපහසු වීම සහ Pinout එකේ තියෙන ව්‍යාකූල ගතිය.

ESP32 එක්ක නිතර වැඩ කරන්න වෙන නිසා මගේ වැඩ වලට පහසු වෙන්න මම Prototype Board එකක් නිර්මාණය කලා. මේකෙන් Experiments කරන්න ලේසි වෙන්න නිතරම ඕන වෙන අයිතම් ටිකකුත් එකතු කරලාමයි තියෙන්නේ.

බෝඩ් එකේ තියෙන features ටිකයි, design files ටිකයි පහල ලින්ක් වලින් බලාගන්න පුළුවන්.

Finally completed a thing on my bucket list for a long time, my own ESP32 Prototype Development Kit.

ESP32 is a powerful embedded development board. But the ESP32 DevKit design is not much breadboard friendly and has a weird pinout design. That is why I designed this development kit, to make my experiments easier with the help of built-in electronic components and breadboard.

I decided to share it open-source under Creative Commons Attribution-ShareAlike 4.0 International License.

Features
  • Expanded GPIO pins with 3.3v and GND
  • A tiny breadboard
  • Li-ion battery
  • USB charging controller
  • Adjustable voltage booster (set to 5v)
  • SSD1306 LCD module
  • 3V3-5V logic level shifter (4 channels)
  • 4 x LEDs (Red, Green, Blue, Yellow)
  • 2 x DIP switches
  • 2 x Pushbuttons
  • 1 x Trimpot (10 kOhm)
  • 1 x Active buzzer

මේක තනියෙම පාවිච්චි කරන්නැතුව open source නිර්මාණයක් විදිහට හැමෝම එක්ක බෙදාගන්න ඕන නිසා Creative Commons Attribution-ShareAlike 4.0 කියන බලපත්‍රය යටතේ GitHub වෙබ් අඩවියට නිකුත් කරලයි තියෙන්නේ.

https://github.com/NuwanJ/ESP32-development-kit

And I decide to make this open-source, so you can find the schematics and Gerber files from GitHub https://github.com/NuwanJ/ESP32-development-kit

Top View

Drawer with Pin Mapping Data

The board before soldering