Quadcopters (part 4) - ESC (Electronic speed controllers)

Posted on May 03, 2016 · 1 mins read · Sinhala · Nuwan Jaliyagoda

Electronic Speed Controller

Quadcopter එකට පාවිච්චි කරන Brushless motors පාලනය කරන්න විශේෂ පරිපථයක් ඕන වෙනවා. ඒ පරිපථය තමයි, ESC (Electronic Speed Controller) කියලා හදුන්වන්නේ.

ESC එකේ ක්රියාකාරීත්වයත් වෙනම Program කරන්න පුළුවන්. ඒත් CC3D board එක භාවිත කරලා Quadcopter එක Setup කරද්දී, board ඒකෙන් ඒ සියළුම දේවල් කරලා දෙනවා.

ESC එකක් තෝරාගැනීමේදී විශේෂයෙන් ම හොයලා බලන්න ඕනෙ වෙන්නේ එමගින් කොතරම් ධාරාවක් පාලනය කරන්න පුළුවන්ද කියන කරුණයි.

සාමාන්‍යයෙන් 10A, 15A, 20A, 30A වගේ විවිධ අගයන්වල ESC ගන්න තියෙනවා. ඕනැම මෝටර් එකක Datasheet එ‍කේ, එම මෝටරය භාවිත කරන ධාරා ප්රමාණය සදහන් වෙනවා. හැමවිටම ඒ ධාරා ප්රමාණයට 30% වත් වැඩි ESC එකක් තෝරගන්න.

මීලගට බලන්න ඕන කාරණය තමයි ESC එක සහය දක්වන වෝල්ටීයතාව. සාමාන්‍යයෙන් මේක සදහන් කරන්නේ කෝෂ සංඛ්‍යාවක් විදිහටයි. ඒ කියන්නේ 3S, 4S වගේ. 3S කියන්නේ 3.7v Li-Poly කෝෂ (cells) 3ක් සහිත බැටරි (11.1V) වලට සහය දක්වන බවයි.

Quadcopter එකක Flight controller එක, Radio receiver එක සදහා 5v බල සැපයුමක් අවශ්‍ය වෙනවා. බැටරියෙන් නිකුත්වෙන වොල්ටීයතාව 5v බවට පරිවර්තනය කිරීමට Voltage regulator එකක භාවිතා කරන්න වෙනවා. ඒත් සමහර ESC වලින් මේ Voltage Regulator එකේ කාර්යයත් සිදුකර දෙනවා. Linear BEC කියලා හදුන්වන්නේ මේ පහසුකමයි. ESC එකක් තෝරාගන්නකොට මේ පහසුකමත් තියෙනවාද කියලා බලන්න.