Quadcopters (part 3) - Motors & Propellers

Posted on May 03, 2016 · 3 mins read · Sinhala · Nuwan Jaliyagoda

Brushless Motor

Quadcopter සදහා භාවිතා කරන්නේ මේ Brushless කියන මාදිලියට අයත් මෝටර්. මේවගේ තියෙන විශේෂත්වය තමයි කාබන් ඇතිලි (Carbon Brush) භාවිත නොවීම. මේ නිසා මෝටරය ක්රියාත්මක කිරීමට විශේෂ උපාංගයක් (ESC) භාවිතා කළයුතුය. ඒ ගැන විස්තර ඉදිරිය‍ේදී සදහන් කරන්නම්.

මේ මෝටරයට සම්බන්ධ කරන තටුව හදුන්වන්නේ Propellers නමිනුයි. මෝටරය හා Propeller එක තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා.

1. Kv අගය

මේ Kv අගයෙන් කියවෙන්නේ ම‍ෝටරයට 1v ව‍ෝල්ටීයතාවක් ලබාදුන් විට මෝටරය කරකැවෙන වේගයයි.

RPM = Kv * Voltage

ඒ කියන්නේ එකම වෝල්ටීයතාවක් ලබාදුන්නම Kv අගය වැඩි මෝටර වැඩි වේගයකිනුත්, Kv අගය අඩු මෝටර අඩු වේගයකිනුත් තමයි කැරකනේන‍ේ.

උදා :- 12 v වෝල්ටීයතාවක් සැපයූ විට,

  • 930Kv -> 11,160 rpm
  • 2200Kv -> 26,400 rpm

අඩු Kv අගයක් කියන්නේ සාමාන්‍යයයෙන් අඩු ගියර් එකක ධාවනය වෙන මෝටර් රථයක් වගෙයි. වේගය අඩුයි. නමුත් වැඩි බලයකින් යුක්තයි. වැඩි Kv අගයක් කියන්නේ වැඩි ගියරයක ධාවනය වෙන මෝටර් රථයක් වගෙයි. වේගය වැඩියි. බලය අඩුයි.

Quadcopter එක සදහා විශාල Propeller භාවිතා කරනවා නම්, Kv අගය අඩු මෝටර් තමයි තෝරාගන්න ඕන.

2. Thrust weight

මෙයින් අදහස් වෙන්නේ මෝටරයකට එසවිය හැකි බර කොපමණද යන්නයි. මේ අගය මෝටරය හා Propeller යන දෙකම මත රදාපවතිනවා. ඕනෑම මෝටරයක දත්ත පත්රිකාවේ, පිලිගත් Propeller මාදිලි සදහා එම මෝටරයේ Thrust weight එක සදහන් වෙනවා.

ම‍ෝටරයේ එසවිය හැකි බර = (Quadcopter එකේ බර x 2) / මෝටර් ගණන

මේ සමීකරණය පාවිච්චි කරලා, අපිට අවශ්‍ය කරන මෝටරයේ එසවුම් බර ගණනය කරගන්න පුළුවන්. හැබැයි මේකට Quadcopter එකේ බර ගැන දළ අදහසක් තියෙන්න ඕන.

3. Propellers

වෙළදපොලේ විවිධ ආකාර ගණනාවක Propellers ගන්න තියෙනවා. මෙයින් අපට අවශ්‍ය නිවැරදි Propeller එක තෝරාගන්න ඕන. අවශ්‍ය මාදිලිය තීරණය වෙන්නේ Quadcopter එකේ විශාලත්වය හා මෝටරයේ වර්ගය අනුවයි.

Propellers

Propellers

Propellers

මම තෝරාගත්තේ 10x4.5 කියන Propeller වර්ගයයි. 10 කියන්නේ Propeller එකේ එක කෙළවරක ඉදලා අනෙක් කෙළවරට දිගයි. (අගල් වලින්) 4.5 කියන්නේ එහි ආනතිය යි.

A pair of 1045 Propellers - 1 CW and 1 CCW A pair of 1045 Propellers - 1 CW and 1 CCW

Propellers කැරකෙන දිශාව අනුව වර්ග 2 කින් මිලදීගත හැකියි.

  • Clockwise propeller (CW)
  • Counter clockwise propeller (CCW)

මේ එක් වර්ගයකින් 2 බැගින් Propellers 4 ක් මිලදීගන්න ඕන.

Quadcopter එකක් නිර්මානයේදී අවශ්‍ය වන ඉතිරි කොටස් පිලිබද තොරතුරු මීළග ලිපියෙන් ඉදිරිපත් කරන්නම්.