PIC ගැන කෙටියෙන්

Posted on September 05, 2016 · 2 mins read · Sinhala · Nuwan Jaliyagoda

Cover Image

මේ දවස්වල හැමෝම වගේ Arduino Programming වලට කැමතියි. ඒකට හේතුව තමයි Arduino සරළ හා පහසු වීම. Arduino ජනප්‍රිය වෙන්න කලින් වැඩිපුරම පාවිච්චි වුණේ PIC කාණ්ඩයට අයිති Micro controllers. මේවා නිශ්පාදනය කරන්නේ Microchips කියන ආයතනයෙන්.

බාහිර පෙනුමෙන් නම් PIC IC ත් Atmel AT කාණ්ඩයේ IC වලට සමානයි. ප්‍රෝග්‍රෑමින් කරන විදිහ නම් ටිකක් වෙනස්. මේවා ප්‍රෝග්‍රෑම් කරන්න වෙනම උපකරණයක් ඕන. PIC KIT කියන උපකරණය තමයි ම‍ේ සදහා වැඩිපුරම පාවිච්චි වෙන්නේ. ක්‍රමලේඛන භාෂාව විදිහට C තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. ඊට අමතරව Assemble Language පාවිච්චි කරන්න පුළුවන්. (Micro-controllers වැඩ කරන හැටි ඉගෙනගන්න ඕන නම් මේක තමයි ඒකට හොදම භාෂාව. ටිකක් අමාරුයි. හැබැයි මේක පුලුවන් කෙනාට C වගේ High Level language ඉගෙනගන්න එක කජු කනවා වගේ.)

මේ තියෙන්නේ PIC Kit 2 programmer එකක්.

PIC Kit 2 programmer

මේ තියෙන්නේ PIC16F877A කියන PIC IC එක.

PIC16F877A IC

මේ තියෙන්නේ මම හදපු PIC Development board එකක්.

PIC Developer Board

(Arduino ආපු මුල්ම කාලේ වෙනකොට ලංකාවේ Arduino boards ගන්න තිබුනේ නෑ. තිබුණත් බොර්ඩ් එක රු.4000-5000 වගේ ගනන් වලටයි තිබුනේ. ඒ නිසා මම Arduino Board කොපි කරලා PIC වලටත් Board එකක් හැදුවා. අවාසනාවකට වගේ දැන් නම් මගේ ලග මේකේ PCB layout design එක නම් නෑ.)

PIC Programming ගැන ඉගෙනගන්න කැමති අයට, විදුසර පුවත්ප‍තේ මීට අවුරුදු 10 කට විතර කලින් පළවුණු ලිපි මාලාව පරිශීලනය කරන්න පුළුවන්.

ලිපි මාලාව මෙතනින් download කරගන්න