Bluetooth Car (Part 2)

Posted on March 25, 2018 · 2 mins read · Sinhala · Nuwan Jaliyagoda

මේ වෙනකොට ඔයාලා ලග මේ ලැයිස්තුවේ තියෙන දේවල් ටික තියෙන්න ඕන.

  • Arduino Uno හෝ Mega
  • L298 Dual H Bridge Motor Driver
  • 2 Smart car robot wheels
  • Battery
  • Bluetooth module (HC5 හෝ HC6)
  • Caster Wheel
  • Breadboard Jumpers
  • ස්විචයක්

මුලින්ම කරන්න තියෙන්නේ රොබෝට ගැලපෙන චැසියක් නිර්මාණය කරගන්න එකයි. මේකට නම් එක විදිහක් කියන්න අමාරුයි. තමන්ගේ නිර්මාණශිලීතාවයි, හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යයි අනුව සුදුසු විදිහක චැසියක් නිර්මාණය කරගන්න පුළුවන්.

Robot Chassie

මේ තියෙන්නේ මම හදාගත්තු පොඩි චැසියක්. මේකට පාවිච්චි කරලා තියෙන්නේ පරණ ප්ලාස්ටික් තහඩුවක් (Copper Board එකක්) හා ඇළුමිනියම් L bar එකක පොඩි කොටසක්. උපාංග හා කොටස් එකිනෙක සම්බන්ධ කරන්න රිවට් ඇණයි 3mm බෝල්ට් ඇණයි පාවිච්චි කරලා තියෙනවා. සිදුරු විදගත්තේ Hand Drill එකකින්. (Drill කටුව - 1/8” )

චැසියේ උඩින් Arduino බෝඩ් එකයි Motor Driver එකයි, බැටරියයි සම්බන්ධ කරගන්න. Bluetooth module එකත් පැත්තකින් සම්බන්ධ කරගන්න.

මෝටර් 2 ට මේ රූපසටහනේ විදිහට 20cm විතර දිග වයර් කෑලි 2 ගානේ පාස්සගන්න. වයර් කෑලිවල නිදහස් කෙලවර 0.3cm විතර කොටසක් සුද්ධ කරලා ඊයම් ටිකක් තියලා මේ විදිහට හදාගන්න.

How to Connect motors

පරිපථය අමුණාගන්න ඕන විදිහ තමයි මේ රූපසටහනේ දක්වලා තියෙන්නේ.

මේ විදිහට සියළුම කොටස් සම්බන්ධ කරලා තියාගන්න. පරිපථය ගැන වැඩි විස්තරයි, Arduino Code එක ලියන විදිහයි ඊළග ලිපි කිහිපයෙන් කියාදෙන්නම්.