මම මීට ටික කාලයකට කලින් පොරොන්දු වුණා Arduino Robotics ගැන මුල ඉදලා සරළව කියාදෙන ලිපි පෙලක් ඉදිරිපත් කරනවා කියලා.
Robotics/ රොබෝ තාක්ෂණය කියලා කියන්නේ ඉතා පුළුල් විෂයක් නිසා මේ ලිපි පෙල කොතනින් පටන් අරන් කොතනින් අවසන් කරන්නද කියලා හිතාගන්න අමාරුයි වුණා.
ඒ නිසා මම තීරණය කළා ලිපි මාලාව මේ විදිහට ඉදිරිපත් කරන්න. පහලින් තියෙන්නේ Robotics සම්බන්ධයෙන් මම හදාගත්ත විෂය නිර්දේශය. Robotics වලට අවශ්‍ය ගොඩක් දේවල් මාතෘකා කිහිපයක් යටතේ ගොනු කරලා තියෙනවා.
මේවා අතරින් ප්‍රමුඛතාවයේ අනුපිළිවෙලට ලිපි පලකරන්නම්. ඒ අනුව Bluetooth Car එකක් හදන්න ඕන කරුණු තමයි මම මුලින් ම ඉදිරිපත් කරන්නේ.
Robotics වලට පාවිච්චි කරන මෝටර් වර්ග ගැන තමයි පළවෙනි ලිපිය හදලා තියෙන්නේ. ඊළගට Motor controller ගැනයි Bluetooth module එක ගැනයි කථා කරමු.
ගොඩක් වැඩ කටයුතු අතර තමයි මේ ලිපි පෙල හදන්න වෙලා තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණ ලිපි මාලාවම ඉදිරිපත් කරන්න ටික කාලයක් ගතවෙයි. ඒ නිසා දිගටම බ්ලොග් එකත් එක්ක රැදිලා ඉන්න. බ්ලොග් එක Bookmark කරලා තියාගන්න. ඒ වගේම අලුත් ලිපි පළවූ සැනින් දැනගන්න බ්ලොග් එකේ Facebook Fan Page එකටත් Like එකක් දාගෙනම යන්න.
එහෙනම් ලගදිම පළවෙනි ලිපියෙන් හමුවෙන්නම්.