Quadcopters (part 7) - Frame

Posted on May 08, 2016 · 3 mins read · Sinhala · Nuwan Jaliyagoda

Frame

Quadcopter එකක මීලග වැදගත් ම කොටස තමයි රාමුව, එහෙමත් නැත්නම් Frame එක කියලා කියන්නේ. මම මීට කලින් සදහන් කරපු සියළුම කොටස් සවි වෙන්නේ මේ Frame එකටයි. මේ Frame එක සම්බන්ධයෙන් අපිට තෝරගන්න පුළුවන් විකල්ප 2 ක් තියෙනවා.

  1. Frame එකක් නිර්මාණය කිරීම
  2. Ready-made frame එකක් මිලදීගැනීම.

පළවෙනි විකල්පය ගැන කථා කලොත් මේකට හොද ඉවසීමක් වගේම නිර්මාණකරනයේ ප‍ොඩි පළපුරුද්දකුත් අවශ්‍ය වෙනවා. Quadcopter frame එකක් ශක්තිමත් වීම වගේම සැහැල්ලු වෙන්නත් ඕන. Quadcopter frame එකක් පහසුවෙන්ම නිර්මාණය කරගන්න හැටි මම ඉදිරි ලිපියකින් සදහන් කරන්නම්.

දෙවෙනි විකල්පය තමයි Ready-made frame එකක් මිලදීගන්න එක. eBay, Aliexpress වග‍ේ site වලින් අඩු මුදලකට හොද තත්වයේ frame එකක් ගන්න පුළුවන්. මේ අතරින් Carbon Fiber frame එකක් තෝරගන්න. මේවා ශක්තිමත්බවින් ඉහලයි වගේම සැහැල්ලුයි.

Frame එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු කාරණා කීපයක් ම තියෙනවා. පළවෙනි කාරණය තමයි Size එක. Quadcopter එකේ ප්රමාණය තීරණය වෙන්නේ Frame එක අනුවයි. මේ Frame එකේ ප්රමාණය Propeller එකක දිග මෙන් x 1.75 ගුණයක් වත් වුණොත් හොදයි.

Frame එකක විශාලත්වය සදහන් වෙන්නේ එහි විකර්ණයක දිග ඇසුරිනුයි. 500 mm කියලා Frame එකක සදහන් වෙනවා කියන්නේ Quadcopter එකේ එක මෝටරයක ඉදලා විකර්ණය ඔස්සේ අනික් මෝටරයට තියෙන දුර 500mm(50 cm) කියන එකයි.

මීට අමතරව Frame එකක් තෝරාගැනීමේදී අපි ලග තියෙන මෝටර් ඊට සම්බන්ධ කරන්න පුළුවන් ද කියලා හොයලා බලන්න ඕන. ගොඩක් Frames වල description කොටසේ මේ සහය දක්වන මෝටර් වර්ග මොනාද කියලා සදහන් වෙනවා.

අනිත් කාරණය තමයි අපි Quadcopter එකෙන් බලාපොර‍ොත්තුවන දේ සදහා Frame එක සහයෝගය දක්වනවාද කියන කාරණය. උදාහරණයකින් ම පැහැදිලි කළ‍ොත්, හදන්න බලාපොරොත්තු වෙන්නේ Camera Quadcopter එකක් නම්, අදාල Camera එක සවිකිරීමට අවශ්‍ය Camera Mount තියෙන්න ඕන. තව අපි ලග තියෙන බැටරිය සවිකරන්න තියෙන ඉඩ ප්රමාණවත් ද, FC එක සවිකරන්න ඉඩ තියෙනවාද කියලත් සැලකිලිමත් වෙන්න ඕන.

Frame spec

දැන් Quadcopter එකක් නිර්මාණය කරන්න අවශ්‍ය මූලික කොටස් සියල්ලම ගැන විස්තර ඉදිරිපත් කරලයි තියෙන්නේ. මම මීළග ලිපියෙන් එම කොටස් මිලදීගතහැකි ආකාරය සදහන් කරන්නම්.