Idea Pro ඇප් නිර්මාණය - මූලික පියවර

Posted on January 20, 2016 · 2 mins read · Sinhala · Nuwan Jaliyagoda

Cover Image

ideamart platform තුළ idea Pro ඇප්ලිකේෂනයක් නිර්මාණය කිරීමේ අදියර 5 කි.

  1. Provisoning the application
  2. Pending Approval
  3. Limited Production
  4. Pending Approval for active production
  5. Active Production
Provisoning the application

Provision

App එක ideamart තුළ ලියාපදිංචි කිරීම මෙම අදියරේදී සිදුකෙරේ. සියළුම settings සිදුකළ පසු, Apply for Approval යන්න ක්ලික් කර, අනුමැතිය සදහා ඉදිරිපත් කළ යුතුය. අනුමැතියට ඉදිරිපත් කළ සැනින් ඔබට App එක සදහා අදාළ password එක ඊ-මේල් පණිවිඩයක් මගින් ලැබෙනු ඇත.

Registration Confirm

Pending Approval

මෙහිදී ideamart මගින් ඔබගේ App එක පිළිබද පරීක්ෂා කර බලනු ලබයි. එහිදී මූලික වශයෙන් එය ideamart නිති රිති වලට එකඟවේද යන්න සලකා බලයි. සියල්ල නිවැරදි නම් App එක “Limited Production” තත්වයට මාරු කරනු ලබයි. මෙහිදී ඔබව ඊ-මේල් පණිවිඩයක් මගින් දැනුවත් කරනු ඇත.

Limited Production

Limited Production 2

Limited Production

දැන් ඔබට ඔබගේ App එක සජීවීව පරීක්ෂාකර බැලීමට අවස්ථාවක් හිමිවේ. මෙම අවස්ථාවේදී ඔබගේ යෙදුම භාවිත කළ හැක්කේ, Provisioning වලදී Whitelisted Numbers සදහා ලබාදුන් දුරකථන අංක මගින් පමණි.

සියළු පරීක්ෂාකිරීම් අවසන් කළ පසු ඔබට, Apply for Active Production තේරීම මගින්, APP එක අවසන් අදියර වෙත යොමුකළ හැක.

Send for approval

Active Production

ඔබගේ APP එක, ideamart වෙතින් අවසන් අධීක්ෂණයට ලක්කර, “Active production” අවස්ථාවට මාරුකරනු ඇත. මෙහිදී ඔබව ඊ-මේල් පණිවිඩයක් මගින් ද දැනුවත් කරනු ඇත.

Approval Email

දැන් ඔබට ඔබේ App එක පිළිබඳ සේවාලාභින් දැනුවත් කළ හැක. ඒ සදහා භාවිතා කරන සියළුව ප්‍රචාරණ අයිතම (Marketing materials) ideamart වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු ය.