Quadcopters (part 1) - Introduction

Posted on May 03, 2016 · 3 mins read · Sinhala · Nuwan Jaliyagoda

Quadcopters ගැන කෙටියෙන් ම සදහන් කළොත්, මෑත කාලීනව ඉතාමත් ප්රසිද්ධ වුණ ක්රීඩා භාණ්ඩයක්. සාමාන්‍ය Toy Quadcopter එකක් 25$ සිට ඉහල මිලගණන් වලට අන්තර්ජාලය හරහා මිලදීගන්න පුළුවන්.

Cover Image

ක්රීඩා භාණ්ඩයක් විදිහට භාවිතයට අමතරව, අද කාලයේ බොහෝ දේවලට Quadcopters භාවිතා කරනවා.

විශේෂයෙන්ම ඡායාරූපකරණය හා වීඩිය‍ෝකරණය සම්බන්ධයෙන් Quadcopters වලට ඉහළ ඉල්ලුමක් පවතිනවා. දැන් බ‍ොහෝමයක් මාධ්‍ය ආයතන මේවා භාවිතා කරනවා.

Drones in photography

මීට අමතරව විදෙස් හමුදා බොහෝමයක් හමුදාමය කටයුතු සදහා Quadcopters භාවිත කරනවා.

Drones in military

FedX වග‍ේ භාණ්ඩ බෙදාහරින ආයතන, භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සදහා Quadcopters භාවිතය දැනටමත් ආරම්භ කරලයි තියෙන්නේ.

Drones in Delivery

මේ වගේ බ‍ොහෝ කටයුතු සදහා Quadcopters ය‍ොදාගැනෙවා. සාමාන්‍යයෙන් වෙළදප‍ොල‍ේ තියෙන ජනප්රිය Quadcopters කිහිපයක් මෙන්න.

DJI-Phantom DJI-Phantom

Hubsan-H107D-FPV-X4 Hubsan-H107D-FPV-X4

Syma x5c Syma x5c

මේ ගොඩක් Quadcopters ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, දෝෂ අවම, නිවරද්‍යතාවයෙන් ඉහල නිශ්පාදන. ඒත් මේවායේ ගැටළු කිහිපයක් තියෙනවා.

  • නවීකරණය අපහසුයි.
  • ගුවන් කාලය අවමයි. (වැඩි ගුවන් කාලයක්, Flying time තියෙන ඒවා ඉතා මිල අධිකයි.)
  • ක්රියාකාරී පරාසය අඩුයි. (සමහර විට ආරක්ෂක හේතූන් මත තමයි මේ working distance එක අඩුවට නිශ්පාදනය කරන්නේ.)
  • වෙනත් කාර්යයන් සදහා භාවිත කළ නොහැකියි. (Toy quadcopter එකක්, කැමරාකරණයට පාවිච්චි කරන්න බෑ.)
  • එසවුම් භාරය අඩුයි.

මේ ගැටළු සියල්ලටම විසදුම තමයි Custom Quadcopter එකක් නිර්මාණය කරන එක. අනිත් කාරණය තමයි, තනිවම Quadcopter එකක් නිර්මාණය කරලා ලබාගන්න සතුට හා අද්දැකීම Ready made එකකින් ගන්න බැරි එක.

කොහෙම නමුත් මුලින්ම කියන්න වෙන්නේ, Quadcopter නිර්මාණය තරමක් මිල අධික කටයුත්තක්. ඒ වගේම හොද ඉවසීමක් සහ සංයමයක් අවශ්‍ය වෙනවා. ඒත් පළවෙනි Quadcopter එක හැදුවට පස්සේ, අළුත් එකක් හදන්න යන වියදම, පළවෙනි එකට වඩා අඩුයි.

Quadcopter එකක් හදන්න අවශ්‍ය වෙන වැදගත් ම කොටස් ටික තමයි මේ තියෙන්නේ.

  • Flight controller
  • 4 x Brushless motors
  • 4 x ESC
  • 4 x Propellers
  • Transmiter & receiver
  • Lipo battery & Charger
  • Body/Frame

Quadcopter එකක් නිර්මාණයට අවශ්‍ය වෙන මූලික කොටස් හා උපකරණ ගැන විස්තර මීලග ලිපි වලින් විස්තර කරන්නම්.