3D Printer එකක් හදමු

Posted on June 30, 2016 · 3 mins read · Sinhala · Nuwan Jaliyagoda

Cover Image

ගොඩක් අය මගෙන් අහලා තිබුණා 3D Printer එකක් හදන්නේ කොහොමද කියලා. මාත් තවම 3D Printer එක හදලා ඉවර නැති නිසා මාත් මේ ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. ඒ නිසා මට දැනට කරන්න පුළුවන්, මම 3D Printer එක හදන්න පාවිච්චි කරපු මූලාශ්‍ර ඔයාලත් එක්ක Share කරගැනීම විතරයි.

මම හදන 3D Printer එක RepRap කියන Platform එකට තමයි අයිති වෙන්නේ. RapRap කියන්නේත් Arduino වගේ platform එකක්.

RepRap is humanity's first general-purpose self-replicating manufacturing machine. RepRap takes the form of a free desktop 3D printer capable of printing plastic objects. Since many parts of RepRap are made from plastic and RepRap prints those parts, RepRap self-replicates by making a kit of itself - a kit that anyone can assemble given time and materials. It also means that - if you've got a RepRap - you can print lots of useful stuff, and you can print another RepRap for a friend... වැඩි විස්තර : http://reprap.org/

RepRap වලත් Arduino වගේම එක එක 3D Printer models තියෙනවා. (Click to view) මම තෝරාගත්තේ RepRap Prusa i3 Rework කියන ආකෘතියයි. මේක තමයි ආධුනිකයෙකුට පහසුවෙන්ම හදන්න පුළුවන් ආකෘතිය. මේ Printer එකෙන් 20x20x20 cm ප්‍රමාණයක 3D Printing කරන්න පුළුවන්. මේකේ Mother board එක විදිහට පාවිච්චි වෙන්නේ Arduino Mega 2560 board එක. Ramps 1.4 කියලා Shield එකකුත් පාවිච්චි වෙනවා.

අවශ්‍ය කොටස් වලින් වැඩි ප්‍රමාණයක් eBay එක හරහා තමයි ගෙන්වන්න වෙන්නේ. සමහර කොටස් (rods, nuts, screws, …) මෙහෙන් ගන්නත් පුළුවන්.

කැමතිනම් Frame එකත් Order කරන්න පුළුවන්. මම නම් ලී, ඇලුමිනියම් වලින් Frame එක හදාගත්තා.

Finished 3D Printer

  • අවශ්‍ය උපාංග ලැයිස්තුව : Bill of materials
  • RepRap නිල වෙබ් අඩවිය : RepRap Wiki
  • එකලස් කිරීම : PDF
එකලස් කිරීම : වීඩියෝ පාඩම් මාලාව