Arduino ගැන පොඩි හැදින්වීමක්

Posted on June 03, 2016 · 1 mins read · Sinhala · Nuwan Jaliyagoda

"Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It's intended for anyone making interactive projects."

arduino.cc නිල වෙබ් අඩවියෙන් කියන විදිහට Arduino කියන්නේ දෘඩාංග හා මෘදුකාංග අතර පහසුවෙන් කටයුතු කළහැකි අතුරුමුහුණතක්.

මොකක්ද මේ ආර්ඩියුනෝ කියන්නේ ?

ආර්ඩියුනෝ කට්ටලක් යනු පරිසරයෙන් ආදාන (Inputs) ලබාගැනීමටත්, පරිසරයට ප්‍රතිදාන(Outputs) ලබාදීමටත් පහසුකම් සපයන පරිගණක පද්ධතියක් විදිහට හදුන්වන්න පුළුවන්. එය සරල මයික්‍රෝ කන්ට්‍රෝලර් (Micrcontroller) පරිපථයක් සහ මෘදුකාංග සංවර්ධන අතුරුමුහුණතකින් (Software Development Interface) සමන්විතයි.

ඇයි ආර්ඩියුනෝ මෙතරම් විශේෂ ?

ආර්ඩියුනෝ හැරුණම තවත් බොහෝ මයික්‍රෝ කන්ට්‍රෝලර් පද්ධති තිබෙනවා. (Parrallax Basic Stamp, Netmedia’s BX-24, Phidgets, MIT’s Handyboard , … ) ඒත් මේ සියල්ල සදහාම මයික්‍රෝකන්ට්‍රෝලර් වල දෘඩාංග පිළිබඳ ඉහල දැනුමක් අවශය වෙනවා. නමුත් ආර්ඩියුනෝ සදහා දෘඩාංග පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ වගේම ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් ඉතා පහසුවෙන් ඉගෙනගන්න පුළුවන්.